Monday, April 28, 2014

සිහින (Dream)

හීන ගොඩක් පොදි බැඳගෙන
මහ මුහුදෙන් එතෙර රටක
පියා සැලුව ඔබේ කඳුලැල්
අකුරු කරන්නම්.....
ඔබ පවසන්නේ නම්....

බිඳුනු සිහින සිතේ දරං
දහසක් දුක් ගැහට විඳං
වැන්ද දෙවොල හිසේ දරං
ඔබ පවසයි නම්....
මම අකුරු කරන්නම්...

ඔබේ කඳුලට හඬක් වන්න
ඒ හඬ වෙත පණ පොවන්න
එතෙර යන්න හීන දකින
සහොදර සහොදරියන් වෙත
මම අකරු කරන්නම්...

ඒ තමයි සිහින පුරේ මම,

සිහින.


ඔබ, ඔබේ යහලුවා, යෙහෙලිය විඳි ගැහැට, මෙන්ම ඔබට පිහිට වූ අය ඔබේ අත්දැකීම් සමග අපත් සමග බෙදා ගන්න, ඔබටත් මටත් යුතුකමක් ඇත, අනාගතයට තවත් හීනයක් පමණක් නොවිය යුතු! ෴

sihinapure@gmail.com

2 comments:

  1. සයුරෙන් එතෙර දී සිදී ගිය පියාපත්පි.සවි බල ගන්වා....සිහින යාත්‍රාව තොටමුණ කරා යාත්‍රා කරවන්නට එක් වෙන්න අපි සමග....අපි ඔබ වෙනුවෙන්... දෑස් දල්වා බලා සිටිමු.

    ReplyDelete
  2. හොදයි. ඇත්තම කතා කරන්න.

    ReplyDelete